Tuesday, May 7, 2024

General line - 0115112241

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් තවත් මතභේදාත්මක ප‍්‍රකාශයක්

පවිත්‍රා මධුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ යුධ කලාපයේ රඳවා සිටින අමෙරිකානු හමුදා සාමාජිකයින් සියලූදෙනා නුදුරේදීම යළි කැඳවන බව ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළිත් වරක් කියා සිටිනවා. ඕහියෝ ප‍්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේ වෙතත් සිරියාවේ යුධ කලාපයේ රඳවා සිටින අමෙරිකානු හමුදා සාමාජිකයින් යළි කැඳවන්නේ කවදාද හෝ කෙසේද යන්න ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්  මෙහිදී හෙළිකර නැහැ.

පැවති රජයන් වෙත චෝදනාවක් නගමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපය වෙනුවෙන් අමරිකාව ඩොලර් ටි‍්‍රලියන ගණනක් වැය කරන බවයි. එහෙත් ඉන් කිසිදු ප‍්‍රතිපලයක් අමෙරිකාවට අත් නොවන බවද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තරයේ කියා සිටියා.