Friday, May 3, 2024

General line - 0115112241

දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අභිමානවත් අන්දමින් පැවත්වේ (PHOTOS)




නිල් අහස පුරා වසර 67 ක් මුථල්ලේ කළා වූ මෙහෙවර ඇගයීමට ලක් කරමින් දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්වුණා.

 

දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල වෙත ගිය ජනාධිපතිතුමා එහි අණදෙන නිලධාරි එයාර් කමාන්ඩර් ඩබ්ලිව්.ඊ.පී.ඩී. ප්‍රනාන්දු විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා.

 

දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරින් හා සෙසු නිලයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තම ජවයෙන්, ශක්තියෙන්, දැනුමෙන් හා නිර්මාණශීලිත්වයෙන් ශ්‍රී ලංකා මාතාවටත්, තම ජාතියටත් ඉටුකරන්නා වු මෙහෙවර වෙනුවෙන් මෙහිදී ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබා ගත්තා.

 

වර්ණ ධජය මෙහිදී ජනාධිපතිවරයා අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු පාසල වෙත පිරිනැමුණා.

 

එහි ඡායාරූප පහතින් නරඹන්න.