Friday, May 3, 2024

General line - 0115112241

9 වන යොවුන් පුරයේ සමස්ථ ශූරතාව ගම්පහට 




9 වන යොවුන් පුරය වැඩසටහන පෙරේදා (01) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ දී නිමාව දුටුවා.

මෙහිදී සමස්ථ ශූරතාවය හා හොඳම දිස්ත්‍රික්කය වශයෙන් යන කාණ්ඩ දෙඅංශයෙන්ම මෙවර ජයග්‍රහණය හිමිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. එහි දෙවන ස්ථානය කුරුනෑගල දිස්ත්‍රික්කයටත්, තෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයටත් හිමි වුණා.

ඊට අදාළ ජය සංකේත හා සහතිකපත් ප්‍රධානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති  නීතිඥ එරන්ද වැලිඅංගේ  ප්‍රධානත්වයෙන් සිදු වුණා.

(එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)