Sunday, September 8, 2024

General line - 0115112241

වරද පිළිගත් ෆේස්බුක් හිමිකරු..නිවැරදි වෙන්ත තවත් කල් ඉල්ලයි

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ෆේස්බුක් සමාජ ජාල අඩවිය සහ එහි නිර්මාතෘ මාක් සකබර්ග් සම්බන්ධයෙන් මේ දිනවල ලොවපුරා විවිධි කතා බහ අසන්නට ලැබෙනවා. ඒ අනුව ඔහුට පසුගිය දිනක බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසියක් ද යොමු කිරිමට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව කටයුතු කළා.

එමෙන්ම දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් පැන නැගුණු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් යුරෝපා සංගමය ද ෆෙස්බුක් සම්බන්ධයෙන් පරික්ෂණයක් දියත් කර තිබෙනවා.

එය එසේ තිබියදී මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකළ ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීම සඳහා ෆේස්බුක් සමාජ ජාලයේ මෙවලම් භාවිත කර ඇති බවටද මාක් සකබර්ග්ට එරෙහිව මේවන විට චෝදනාවක් එල්ල වනවා.

එම චෝදනාව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකබර්ග් විසින් පිළිගෙන ඇති බව සඳහන්.

VOX වෙබ් අඩවිය සමග සිදුකළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකළ හානිකර කටයුතු සඳහා ෆේස්බුක් යොදාගෙන ඇති බවයි.

ඒ හරහා සංවේදී කරුණු පළ කිරීම, පාර්ශවයන් අතර ගැටුම් ඇවිලීමට හේතු වී ඇති බවත්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බෞද්ධ ජනතාව අතර ගැටුම් ඇතිවීමට එය හේතුවක් වූ බවත් සකබර්ග් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අඩු ලුහුඩුකම් මකා ගැනීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බවයි ඔහු අවධාරණය කළේ.