2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලූම් කිරීමේ කාලසීමාව අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ තැපැල්පතිවරයාගේ ඉල්ලීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති වූ පරිගණක දෝෂයක් හේතුවෙන් තැපැල්පතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා පාසල් අයදුම්කරුවන් වෙත ලබාදී තිබු කාලය අදින් අවසන් වනවා. අනෙකුත් අපේක්ෂකයන් සඳහා මෙම මස 12 වැනි දින දක්වා කාලය ලබාදී තිබු අතර තැපැල්පතිවරයාගේ ඉල්ලීම අනුව සියළුම අපේක්ෂයන් සඳහා 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලූම් කිරීමේ කාලසීමාව අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ.