Friday, May 3, 2024

General line - 0115112241

කැනේඩියානු හොකි කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




බස් රථයක් හා ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් කැනේඩියානු කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමක ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය සඳහන් කර සිටිනවා.

ඊයේ (06) සවස සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ "හම්බෝල්ට් බ්රොන්කොස්" නමැති අයිස් හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙක් සහ ඔවුන්ගේ බස් රථයේ රියදුරු බවයි කනේඩියානු පොලිසිය සඳහන් කර සිටින්නේ.

මෙම අනතුරෙන් තුවාල ලැබූ ක්‍රීඩකයින් ඇතුළු තවත් පුද්ගලයින් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. 

" මෙම දෙමව්පියන් මේ අවස්ථාවේදී කුමන තත්ත්වය පසුවනවාද යන්න සිතීමත් අමාරු සහගතයි, මේ අවස්ථාවේදී විපතට පත්ව සිටින සියලුම දෙනා ගැන මගේ සිත පසුතැවෙනවා" යනුවෙන්  මෙම අනතුර සැලවීමත් සමග කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ටිව්ටර් පණිවිඩයක් මගින් සිය සංවේගය ප්‍රකාශ කර තිබෙනවා.