අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය යෝජනාවක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය ප්‍රසාදය පල කර තිබෙනවා. එම විශ්වාසභංගයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම්කරන බවයි එම සංගමය පෙන්වා දී ඇත්තේ.
සාමාන්‍යයෙන් පවතින රජයක අගමැතිවරයෙකුට හෝ නායකයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීමේ දී විපක්ෂයේ පිරිසට විවිධ ගැටළු ඇති වන නමුත් හ්‍රී ලංකාවේ දී එම තත්ත්වය දැක ගැනීමට නොහැකි වූ බවද යුරෝපා සංගමය සඳහන් කර තිබෙනවා.
ඒ තරමට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇති අතර මෙම විශ්වාසභංගය යනු රටේ සියලු දෙනාට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ පුහුණු අභ්‍යාසයක් ලෙස තමන් දකින බවයි එම සංගමය පවසා ඇත්තේ.
එම නිසා එම පුහුණු අභ්‍යාසයෙන් ලැබු පන්නරය තුලින් ශ්‍රී ලංකාවේ සංවර්ධන හා වෙනස්කම් සිදුකළ යුතු බවද යුරෝපා සංගමය මෙහිදී සඳහන් කර තිබෙනවා. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම සිදුවන තුරු ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කළ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ස්තුතිය පල කරන බවයි පසුගියදා දිවයිනට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පවසා ඇත්තේ.