Friday, May 3, 2024

General line - 0115112241

මෙන්න අනාගතේ දී පාවෙන හෝටලයක්.. නවාතැන් ගාස්තු මෙතරම් ද? (PHOTOS)

වසන්ත පිවිතුරු - One India ඇසුරෙන්




අභ්‍යවකාශයේ "ඇරෝරා ස්පේස් ස්ටේෂන් " නමින් අති සුඛෝපභොගී හෝටලයක් මානවයා වෙනුවෙන් ඉදිකිරිම ආරම්භ වී තිබෙනවා. ඔරියන් ස්පේන් නම් අභ්‍යවකාශ ආයතනයක් විසින් මෙම ඉදිරිකිරිමේ කටයුතුප පසුගියදා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරිම් කටයුතු 2021 වන විට අවසන් කිරිමටයි අපේක්ෂා කෙරෙන්නේ. එමෙන්ම 2022 වසරේ සිට එහි නවාතැන් පහසුකම් සකසා දෙන බව සඳහන්.

පෘතිවියේ සිට නිසි පෙර පුහුණුවක් ලබාදී ඉන් අනතුරුවයි මිනිසා අදාළ හෝටලය වෙත යාමට අවසර ලබාදෙනු ලැබෙන්නේ. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත රොකට් යානා නිර්මාණය කරන බවයි ඔරියන් ස්පේන් සමාගම පවසන්නේ.

මෙම "ඇරෝරා ස්පේස් ස්ටේෂන් " නම් හෝටලය විශාල ජෙට් රෝකට්ටුවක හැඩයෙන් ඉදිරිකෙරෙන අතර එහි දිග අඩි 44ක් හා පළල අඩි 15ක් වනු ඇති බව සඳහන්. එහි වර්ලඵලය අඩි 5700ක් වන බව ද සමාගම කියා සිටියා.

මෙය මිනිසාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ම ඉදිකරනු ලබන නිර්මාණයක් ලෙසයි හැඳින්වෙන්නේ. එහි 20 දෙනෙකුය එකවර නවාතැන් පහසුකම් ලබාගත හැකි ආකාරයට ඉදිවනු ඇති. ගුරුත්වාකර්ශණ බලය නොමැති හේතුවෙන් පාවන බවට විවිධ දර්ශන දැක තිබුණත් මෙහි දී එසේ පානොවන ආකාරයෙන් ඉදිකිරිම් කිරිමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

මෙය පෘතිවියේ සිට කිලෝ මීටර 320ක ඈතින් ඉදිකෙරෙන අතර මෙතරම් දුරක හෝටලයක් මෙතෙක් ඉදිකර නොමැති බව සඳහන් වනවා. දින 12ක් එහි නවාතැන් ගත හැකි අතර ඉන්දිය රුපියල් කෝටි 61ක් ලෙස ගණනය කර තිබෙනවා. ඒ අනුව දිනක වියදම ඉන්දිය රුපියල් කෝටි 5ක් වනවා.

ඉන්දියානු රුපියලක් ශ්‍රී ලංකා රුපියල්වලින් 2.40ක් වනවා. ඒ අනුව එහි නවාතැන් ගාස්තුව ශ්‍රී ලංකාව මුදලින් කෝටි 147ක්.