මහනුවර පන්විල හුළු ගගේ අතු ගංගාවක් වන දළු ඔයේ දිය නෑමට ගොස් මියගිය පිරිසගේ අනන්‍යතාව හෙලිව තිබෙනවා. අනතුරින් මියගියේ තරුණියන් තුන්දෙනෙකු සහ තරුණයින් දෙදෙනෙකුයි. මියගිය තරුණියන් තුන්දෙනා මහනුවර, රත්මලාන හා වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22ත් 26ත් අතර වයස්වල පසූ වූ අය බවයි පොලිසිය පැවසුවේ.
මියගිය තරුණයින් දෙදෙනා අවුරුදු 28ත් 30 අතර වයසේ පසුවන කිරිදිවැල සහ යක්කල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.ගොතටුව ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සදහා ගිය ඇගලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව තිබුනේ.
.............................................................................................................................................................
දියේ ගිලි පුද්ගලයින් සිවු දෙනෙක් මරුට (07-04-2018 16:12)
මහනුවර, පන්විල ප්‍රදේශයේ හුළු ඟගේ දිය නමින් සිටි පුද්ගලයින් සිවු දෙනෙක් දියේ ගිලීමෙන් මිය ගොස් තිබෙන අතර තවත් එක් පුද්ගලයෙක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වනවා.
දියේ ගිලීමෙන් මියගිය කාන්තාවන් තිදෙනෙක් ගේ සහ පිරිමි පුද්ගලයෙක්ගේ මෘතශරීර මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කර සිටිනවා.