සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ "මුවන්පැලැස්සේ මැණිකේ" නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවා. ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951 වසරේ දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය විය.
දේහය 8 ඉරිදා උදෑසන සිට 25/1 සී, වෙඩිකන්ද පාර, රත්මලාන නිවසේ තැන්පත් කර තබන අතර , අවමගුල් කටයුතු 9 සදුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.