විශ්වාසභංග යෝජනාව ජයගැනීමෙන් පසු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. විශ්වාසභංගය ජය ගැනීමට සහය දැක්වූ පිරිස්වලට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම හා පක්ෂ නියෝජිතයින්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම එම අභියෝග දෙක බවයි ඔහු කියා සිටියේ.
පක්ෂයේ අභ්‍යන්තරයේ තිබෙන ගැටළු විසදීමේදී අගමැතිවරයාට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුමට සිදුවෙන බව මෙහිදී තිස්ස අත්තනායක සඳහන් කර සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්වරයා මේ බව කියා සිටියේ අද (07) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.