Tuesday, January 7, 2025

General line - 0115112241

එජාපයේ ප‍්‍රතිසංවිධාන කටයුතු දින දෙකකින්

නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී අද (07) පැවැත්වුණා. ඒ, පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවයි.

පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඇතුළු ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූ කමිටුවල වාර්තා එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතව තිබුණා. 

අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ ඉදිරි දින දෙකේදී ද පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවයි.