Friday, May 3, 2024

General line - 0115112241

වැන් රථයක් පදික වේදිකාවට කඩා වැදෙයි - පුද්ගලයින් 02 ක් මරුට (UPDATE)

දිනුක් හේවාවිතාරණ / සජිත් තිලකරත්න - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජර්මනියේ, මියුන්ස්ටර් ප්‍රදේශයේදී වැන් රථයක් පදික වේදිකාවේ සිටි පුද්ගලයින් යටකරගෙන යෑම හේතුවෙන් 02 ක් මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ආපනශාලාවක එළිමහන් ස්ථානයක් වන මෙම පදිකවේදිකාවේ එම වැන් රථය කඩාවදින විට විශාල පිරිසක් සිට තිබෙනවා.

" මෙය ත්‍රස්තවාදී ක්රියාවක්ද කියා අපිට නිශ්චිතවම පැහැදිලි කරන්න අමාරුයි. එත් මෙම වැන් රථය පැදවූ රියදුරා එම සිද්ධියෙන් පසු එම ස්ථානයේදීම වෙඩි තබාගෙන් සියදිවි හානිකර ගෙන තිබෙනවා යැයි " ජර්මනියේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා.

2016 වසරේදී නත්තල් උත්සව සමයේදී ලොරි රථයක් මේ ආකාරයෙන් ජර්මනියේ,බර්ලින් අගනුවරට කඩාවැදීමෙන් පුද්ගලයින් 12 දෙනෙක් මිය ගියා.