පක්ෂයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ කමිටුව මාසයක් තුළ සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. ඔහු සදහන් කළේ අදාල කමිටුව වරින් වර රැස් වී පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබද සාකච්ජා කිරීමට නියමිත බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබද විශේෂ සාකච්ජාවක් ඊයේ (07) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. පක්ෂයේ ඉහල නිලතලවලට පුද්ගලයින් පත් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටයි එහිදී තීරණය කෙරුණේ. එම කමිටුව අමාත්‍යවරුන් 11දෙනෙකුගෙන් සහ මන්ත‍්‍රිවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වනවා.
ඊයේ පැවති සාකච්ජාවේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවද මන්ත‍්‍රි අජිත් මාන්නප්පෙරුම කියා සිටියා.
කමිටුවේ සාමාජිකයන් ලැයිස්තුව පහත දැක්වේ
අමාත්‍ය රුවන් විජේවර්ධන
අමාත්‍ය හරේන් ප්‍රනාන්දු
අමාත්‍ය අකිල විරාජ්කාරියවසම්
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර
අමාත්‍ය ජේ.සී.අලවතුවල
අමාත්‍ය මංගල සමරවීර
අමාත්‍ය අජිත් පී පෙරේරා
අමාත්‍ය එරාන් වික්‍රමරත්න
අමාත්‍ය සජිත් ප්‍රේමදාස
අමාත්‍ය ගයන්ත කරුණාතිලක
මන්ත්‍රී රවී කරුණානායක
මන්ත්‍රී නලීන් බණ්ඩාර