Friday, May 3, 2024

General line - 0115112241

ඉස්ලාමිකයන්ට ගෞරවය ඇති කරන මහරැජිනගේ පරාම්පරාව ගැන භීතියට පත්වු ජනතාව එය ‍ප්‍රතික්ෂේප කරයි (PHOTOS)

වසන්ත පිවිතුරු




බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින සම්බන්ධයෙන් යටගොස් තිබු තොරතුරක් යළි අනාවරණය වී තිබෙනවා. මේ අනාවරණය නිසා බ්‍රිතාන්‍යයේ ජනතාව භීතියට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම අනාවරණය ප්‍රථම වතාවට 1986 වසරේ දී රජ ගෙදරින් පිටට ආරංචි වු අතර එම ආරංචිය සඟවන්නට රජ ගෙදර බලධාරින් කටයුතු කර ඇති බවද වාර්තා වනවා. නමුත් වසර 32ට පසුව එම ආරංචිය යළි වරක් පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.

ඉන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින ද අපහසුතාවයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම ආරංචියට අනුව දෙවන එළිසෙබෙත් මහරැජින ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මුහම්මදු නබි නායකම් තුමන්ගේ පරාම්පරාවෙන් පැවත එන අයෙකු බව සඳහන්.

අදාළ කාරණාව සම්බන්ධයෙන් රහස් සමීක්ෂණයක් පසුගිය වසර 32ක් මුළුල්ලේ සිදුකර ඇති අතර එහිදී මහරැජිනගේ පරම්පරා 43ක් සම්බන්ධයෙන් කරුණු සොයා බලා තිබෙනවා.එම රහස් සමීක්ෂණයට අනුව බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් මහරැජින ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මුහම්මදු නබි නායකම් තුමන්ගේ දියණිය වන ෆාතුමාගේ ලේ ඥාතී දියණියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය නොකර ඉතාමත් රහසිගතව තබාගෙන සිටිය ද එය මේවන විට සමාජයේ පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා. ඉන් මහරැජින අපහසු තාවයට පත්ව ඇති අතර බ්‍රිතාන්‍යය වැසියන් ද භීතියට පත්ව ඇති බව වාර්තා වනවා. කෙසේ නමුත් මෙය ඉස්ලාම් ආගමිකයන්ට ගෞරවයක් වනු ඇති බව තවත් පිරිසක් පවසා තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය වැසියන් එය පිළිගැනීමට සූදානම් නොමැති බවත් එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන්.


 

Elizabeth II, Queen of the UK – daughter of
George VI, King of the UK – son of
George V, King of the UK – son of
Edward VII, King of the UK – son of
Victoria, Queen of the UK – daughter of
Edward, Duke of Kent and Strathearn – son of
George III, King of Great Britain – son of
Frederick, Prince of Wales – son of
George II, King of Great Britain – son of
George I, King of Great Britain – son of
Sophia, Electress of Hanover – daughter of
Elizabeth of Bohemia – daughter of
James I/VI, King of England, Ireland & Scotland – son of
Mary, Queen of Scots – daughter of
James V, King of Scots – son of
Margaret Tudor – daughter of
Elizabeth of York – daughter of
Edward IV, King of England – son of
Richard Plantagenet, Duke of York – son of
Richard of Conisburgh, Earl of Cambridge – son of
Isabella Perez of Castille – daughter of
Maria Juana de Padilla – daughter of
Maria Fernandez de Henestrosa – daughter of
Aldonza Ramirez de Cifontes – daughter of
Aldonza Gonsalez Giron – daughter of
Sancha Rodriguez de Lara – daughter of
Rodrigo Rodriguez de Lara – son of
Sancha Alfonsez, Infanta of Castile – daughter of
Zaida (aka Isabella) – daughter of
Al-Mu’tamid ibn Abbad, King of Seville – son of
Abbad II al-Mu’tadid, King of Seville – son of
Abu al-Qasim Muhammad ibn Abbad, King of Seville – son of
Ismail ibn Qarais – son of
Qarais ibn Abbad – son of
Abbad ibn Amr – son of
Amr ibn Aslan – son of
Aslan ibn Amr – son of
Amr ibn Itlaf – son of
Itlaf ibn Na’im – son of
Na’im II al-Lakhmi – son of
Na’im al-Lakhmi – son of
Zahra bint Husayn – daughter of
Husayn ibn Hasan – son of
Hasan ibn Ali