Thursday, May 9, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිගේ නිව්යෝක් නිවසේ ගින්නක් : එක් අයෙක් මරුට ( PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍ර්ම්ප් ගේ නිවස ඇතුළු ඔහුගේ ව්‍යාපාරික මුලස්ථානය වන අමෙරිකාවේ, මැන්හැටන් හි පිහිටි " ට්‍ර්ම්ප් ටවර්" හි 50 වෙනි මහලේ ඇතිවූ හදිසි ගින්නකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (07) රාත්‍රියේදී ඇතිවූ එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ භටයින් 200 කට අධික පිරිසක් යොදවා ඇති අතර මිය ගිය පුද්ගලයා " ට්‍ර්ම්ප් ටවර්" හි සේවකයෙක් බවයි වාර්තා වන්නේ. 

මෙම සිදුවීම වන අවස්ථාවේ අමෙරිකාවේ ජනාධිපති ට්‍ර්ම්ප් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුත් එහි රැදී නොසිටි බවට ධවල මන්දිර ප්‍රකාශිකාවක් මාධ්‍ය වෙත සඳහන් කර සිටියා.

මෙම සිද්ධියෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ " ට්‍ර්ම්ප් ටවර් හි ගින්න මැඩපවත්වා ඇති අතර එය ශක්තිමත් ගොඩනැගිල්ලක් බවත් සියලුම ගිනි නිවීමේ සේවකයින් සඳහා සිය ස්තුතිය පලකරන බවයි." කෙසේ වෙතත් ගින්න මැඩපැවැත්වීමේ දී ගිනි නිවීමේ නිළධාරින් සිවුදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා එලෙස සිය නිල ට්විටර් ගිණුමේ සටහන තබන අවස්ථාව වන විටත් ගින්න නිසි ලෙස මැඩපවත්වා නොතිබුණු බවට මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.