Tuesday, January 7, 2025

General line - 0115112241

සිංහ දේශයේ නැවියන් හා තායිලන්ත රාජකීය නැවියන් එකට ගැටේ

වසන්ත පිවිතුරු




තායිලන්ත රාජකීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදා භටයින් අතර අද (08) දින විශේෂ පුහුණු අභ්‍යාසයක් පැවත්වීමට නියමිතව තිබෙනවා. ඒ පසුගියදා කොළඹ වරායට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් යුද නෞකාවල බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තුන්දින සුහද සංචාරයක් සඳහා තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් යුද නෞකා තුනක් කොළඹ වරායට පසුගියදා (06) සේන්දු වී තිබෙනවා. මෙම නෞකා තුන ලබන අනිද්දා (09) දක්වා කොළඹ වරාය පරිශුයේ නැංගුරම් ලා තබන බව සඳහන්.

තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වු බවයි ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසන්නේ.

මෙරටට ඇතුළු වූ නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

නෞකාවන් කොළඹ වරායට පැමිණීමෙන් පසුව, තායිලන්න රාජකීය නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී පුහුණු ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් සොම්පොන් පූවිආන්ග් සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් නිවාට් ජිට්පූල්පොල්, කොමාණ්ඩර් නට්ටපොන් සන්කිට්බූන් හා කොමාණ්ඩර් නරුනාට් පන්කම් යන මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී සුහද පිළිසඳරක නිරත වුණා.

දින 5 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික සංදර්ශණ සහ විවිධ ප්‍රසංග ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට ද නියමිතවයි.