භයානක ලෙඩ රෝග ඇති කරන ඉස්සන් ප්‍රභේදයක් අද (08) ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මෙම ඉස්සන් ප්‍රභේදය Vannamei නැමති නමින් හඳුන්වන අතර ඉන් මිනිසාට අහිතකර රෝග 6ක් වැළැඳෙන බව සඳහන්.
Vannamei නැමති මෙම ඉස්සන් ප්‍රභේදය අද (08) ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමත බවට ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළ බවටයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින නීතිය උල්ලංඝණය කරමින් මෙම ඉස්සන් ප්‍රභේදය මෙරටට ගෙන්වීම කටයුතු කරන බව ධීවර දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පවසා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.
අදාළ ඉස්සන් ප්‍රභේදය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඇති කරනොමැති අතර ඉන් මිනිසාට අහිතකර රෝග වැළැඳෙන බවයි වාර්තා වන්නේ.
මෙම ඉස්සන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරිම තහනම් කරන ලෙසත් ශ්‍රී ලංකාවට ගෙන්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් පොලිසියේ පැමිණිළි කර ඇති බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චිගෙන් වීමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ එවැනි දෙයක් තමන් දැනුවත් නොවන බවයි.
එමෙන්ම මෙම කාරණාව සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.