එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය මැයි මස පළමු (01) දිනයට පෙර පත්කරන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශ හා එහි නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අද (08) පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුකිරිම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.
එම කමිටුව පත්කිරිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හැර ඉතිරි සියළුම මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවුණා.
එහිදී පැවති රහස් ඡන්දයෙන් තමන් ඇතුළුව මංගල සමරවීර , ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් තෙරීපත් වුණු බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.
පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය දැරීම සඳහා එහිදී බහුතර ප්‍රසාදය ද හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම තරුණ නායකයන් පෙරට ගෙන ඒම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.
මේ අතර අද (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශ හා එහි නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ උදාවීමට නියමිත අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරිමට නියමිත බවයි.
කමිටුවේ සාමාජිකයන් ලැයිස්තුව පහත දැක්වේ
අමාත්‍ය රුවන් විජේවර්ධන
අමාත්‍ය හරේන් ප්‍රනාන්දු
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර
අමාත්‍ය ජේ.සී.අලවතුවල
අමාත්‍ය මංගල සමරවීර
අමාත්‍ය අජිත් පී පෙරේරා
අමාත්‍ය එරාන් වික්‍රමරත්න
අමාත්‍ය සජිත් ප්‍රේමදාස
අමාත්‍ය ගයන්ත කරුණාතිලක
මන්ත්‍රී රවී කරුණානායක
මන්ත්‍රී නලීන් බණ්ඩාර