Tuesday, January 7, 2025

General line - 0115112241

ඕනෑම මොහොතක තීන්දුවක් ගැනීමට රංගෙ බණ්ඩාර සූදානම්

හර්ෂිකා සංජීවනී




එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුද විසදීම සඳහා මැදිහත් වූ පිරිසට ඒ සඳහා සුදුසුම අවස්ථාව මේ වනවිට උදාවී ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඔහු කියා සිටියේ පක්‍ෂයේ අර්බුද විසඳීමට අවශ්‍ය වටපිටාව තමන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මතුකර දුන් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පෙර පල කළ පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු කියා සිටියේ.

පෙර අවස්ථාවලට සාපේක්‍ෂව මෙවර පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු නිශ්චිතවම සිදුවනු ඇති බවට විශ්වාසයක් තැබිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සිය අරමුණු ඉටු නොවන  ඕනෑම අවස්ථාවක තීරණයක් ගැනීමට පසුබට නොවන බවද පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.