Tuesday, January 7, 2025

General line - 0115112241

නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ මතය දැන ගැනීමේ සූදානමක්

හර්ෂිකා සංජීවනී




සිය ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ මතය දැන ගැනීමට හෙට (09) දිනයේ කටයුතු කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 16 දෙනා ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට අවසර ලබාදෙන ලෙසයි මේ වනවිට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

හෙට (09) පැවැත්වෙන නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියා. ඒ අනුව ජනාධිපතිවරයා හා පක්‍ෂ මධ්‍යම කාරක සභාව ලබාදෙන තීන්දු මත තමන් ඇතුළු කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු තීරණය කරන බවද ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර හෙට (09) පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.