මෙවර අලූත් අවුරුදු සමයේදී අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහන සංඛ්‍යාව සියයට 20 කින් පමණ ඉහළ යනු ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස් ඕපනායක පවසනවා.
ඒ සඳහා අවශ්‍ය අතිරේක පහසුකම් සැපයීමටද කටයුතු යොදා ඇති බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව කඩවත, පින්නදූව ගොඩගම හුවමාරු මධ්‍යස්ථානවල අතිරේක පිටවීමේ මධ්‍යස්ථාන ද යොදා ඇති බව කියා සිටි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අතිරේක සේවක මණ්ඩලයක් ද තම බලඇණියට එක්කරගෙන ඇති බවයි.
අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන් වෙත උපදෙස් කිහිපයක්ද මෙහිදී ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර තමන්ගේ වාහනයේ තත්ත්වය පරීක්ෂා කර ගන්නා ලෙසයි.
මාර්ගයට පිවිසීමෙන් පසු පැයට කිලෝ මීටර 60ක වේගයෙන් ගමන් කළ හැකි තත්ත්වයක ඔබේ වාහන ඇද්ද යන්න පරික්ෂා කරමින් ධාවනයේ යොදවන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.