Monday, April 29, 2024

General line - 0115112241

උඩුගුවනේ වික්‍රමය : ගුවන් නියමුවන්ගේ දස්කමින් 149 දෙනෙකුගේ දිවි ගැලවෙයි (VIDEO / PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




අමෙරිකාවේ නිව් යෝර්ක් සිට ටෙක්සාස් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් හදිසියේ ෆිලඩෙල්ෆියා ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.

ඒ මගින් 143 දෙනෙක් හා කාර්යමණ්ඩලයේ 6 දෙනෙකු රැගත් බෝයින් 737-700 වර්ගයේ මෙම ගුවන් යානයේ වම් පස එන්ජිම උඩු ගුවනේදීම පුපුරා යෑම හේතුවෙන්. එම පිපිරීමෙන් ගුවන් යානයේ සිටි එක් මගියෙක් තුවාල ලබා තිබෙනවා.

ගුවන් යානය තුල සිටි එක් මගියෙක් කියා සිටියේ එක් වරම ඇතිවූ පිපිරුම් ශබ්දයත් සමග ගුවන් යානයේ කවුළුවක් අර්ධ වශයෙන් විනාශ වූ බවත් ඒ අසල ආසනයේ වාඩිවී සිටි කාන්තාවක් ඒ තුලින් යානයෙන් එලියට ඇදී ගියත් අසල සිටි පිරිස් මහත් පරිශ්‍රමයක් දරා ඇයගේ දිවි බේරා ගත් බවයි.

යානයේ මගින් සඳහන් කරන්නේ එන්ජිමේ ඇතිවූ පිපිරුමත් සමග ගුවන් යානය ආඩී 100 ක් පමණ එක් වරම පහලට ඇදවැටුණු බවයි.

කෙසේ නමුත් සිදුවීමට ගිය විශාල ජිවිත හානියක් වලක්වා ගැනීමට හැකිවූ බව එම යානයේ සිටි මගින් තම සමාජා මාධ්‍ය ජාල ඔස්සේ සිය ස්තුතියද ගුවන් නියමුවන් හා කාර්යමණ්ඩලයට පුදකර තිබුනා.

මෙම සිද්ධිය පිළිබඳව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.