Monday, April 29, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියාව සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණයක් සිදු කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ තමා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ හමුව සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ වනවිටත් ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා ඇති බවයි. ඒ අනුව උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපතිවරයාගේ හමුව සඳහා මේවනවිටත් ස්ථාන 05ක් යෝජනා වී ඇතැයි සඳහන්. ඒ අතරට ජපානයද අයත් බවට මේවනවිට තහවුරු නොකළ වාර්තා පළවී තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ එළඹෙන ජූනි මාසයේ මුල් සතියේ හෝ ඊට පෙර අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි. ජනාධිපති ට්‍රම්ප් මෙම සියලූ අනාවරණයන් කළේ ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේගේ අමෙරිකානු සංචාරයට සමාගමීව වීමද විශේෂත්වයක්.

උතුරු කොරියානු සහ අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ජපන් අග්‍රාමාත්‍යවරයාගේ අමරිකානු සංචාරයේ ප්‍රධාන අරමුණක්ව තිබුණා. එම සාකච්ඡාවල වල ප්‍රමුඛ මැදිහත්කරුවෙකු ලෙසද ජපානය කටයුතු කරමින් සිටිනවා.