Friday, September 20, 2024

General line - 0115112241

ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වු වැඩිම විකුණුම් මිල අද (UPDATE)




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 159.04ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට රුපියලේ අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද දිනයේ ද ඉහළ අගයක් ගනු ලැබුවා.

වාර්තා වූ පරිදි ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 158.69 ක් ලෙස පැවතුනා.

 

---------------------------------

ඉතිහාසයේ පළමු වතාවට රුපියලට වෙචිච දේ

(24-04-2018 17:04)

(හේමන්ත කහවලගේ / දිනුක් හේවාවිතාරණ) 

 

ඉතිහාසයේ පළමු වතාවට රුපියලේ අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද දිනයේ ඉහළ අගයක් ගනු ලැබුවා. මෙහිදී වාර්තා වූ පරිදි අද දිනයේ ගනුදෙනු අවසන් වන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 158.69 ක් ලෙස පැවතුනා.

2014 වර්ෂයේ දී අමෙරිකානු ඩොලරය රුපියලට සාපේක්ෂව පැවතුණේ 120ක් ලෙසයි. 2015 වසරේ දී රුපියල් 135ක් වූ අමෙරිකානු ඩොලරයේ අගය 2016 වසරේදී රුපියල් 145 ඉක්මවූවා. 2017 වසරේ දී අමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළා. එහි අගය රුපියල් 150 සීමාව ද පසු කරමින්. ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් මෙරට ආනයනික භාණ්ඩවල මිල වැඩි අගයක් ගනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ.