Friday, September 20, 2024

General line - 0115112241

දෙපැත්තේම ඇමතිවරු කැබිනට් රැස්වීමේදී කිරිබත් කති

කසුන් කැලුම්




යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳව අද (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසනවා. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා. 

 අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම සමිබන්ධයෙන් අවශ්‍ය පියවර ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බවයි. එමෙන්ම සියලුම දෙනා එක්ව කිරිබත් කා සතුටින් කැබිනට් රැස්වීම හමාර කල බවද ඔහු මෙහිදී කියා සිටියා.

අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. අමාත්‍යවරයා කියා සිටියේ තමන් ඉදිරිපත් කල  2020 වසර වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරිම සඳහා වන කැබ්නට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ යහපාලන රජය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට යන බවයි.