Friday, September 20, 2024

General line - 0115112241

ළඟ එන ඡන්දයක් ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟීයක්

මේනකා රත්නායක




මධ්‍යම, උතුර සහ වයඹ යන පළාත් සභා සැප්තැම්බර් අග විසුරුවා හැරීමට නියමිතව තිබෙනවා. මෙම පළාත් සභාවල ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ලිපි යොමු කළ බවයි මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළේ.  

අපේ රටේ ජනතාව තුල පළාත් පාලන, පළාත් සභා යන මැතිවරණයන් සියල්ල එකම දවසේ පැවැත්වීය යුතු බවට විශ්වාසයක් සමාජය තුල ගොඩනැගි ඇති බවත් එය එසේ සිදුකල නොහැකි බවටද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා. ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන දකුණ, බස්නාහිර සහ ඌව පළාත් සභා සහ දැනට විසුරුවා තිබෙන පළාත් සභා 03 ජන්ද ප්‍රමාදයකින් තොරව ලබන ඔක්තෝම්බර් මාසයේ වුවද පැවැත් විය හැකි බවට අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියා.