Friday, September 20, 2024

General line - 0115112241

වෙසක් සමයේ සුරාබදු වැටලීම් දැඩි කෙරේ

මේනකා රත්නායක




වෙසක් සමයේ දී සිය වැටලීම් දැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 27 වනදා සිට මැයි මස 03වනදා දක්වා විශේෂ අධීක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. ඒ යටතේ සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන ආශ‍්‍රිත අක‍්‍රමිකතාවන් වැළැක්වීම සඳහා පියවර ගැනීමට නියමිතයි. එමෙන්ම මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදු කරන ස්ථාන වැටලීම සඳහා නිලධාරී කණ්ඩායම් යෙදවීමට සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දැනුවත් කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක සිදු වන සුරාබදු අපරාධ සහ සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන ආශ‍්‍රිත අක‍්‍රමිකතාවන් පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්ද වෙන් කර තිබෙනවා. 011 2 045 077 දුරකතන අංකයෙන් එම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඊට අමතරව 0112 877 882 ෆැක්ස් අංකයේ ද ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.