Friday, September 20, 2024

General line - 0115112241

අකිලට කබීර්ට ලොකු පුටු දෙකක් - නවීන්ට හරීන්ටත් ජාතික වගකීම් (UPDATE)

චම්ලි ඒකනායක/ දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුර සඳහා අමාත්‍ය අකිල විරාජ කාරියවම් සහ සභාපති තනතුර සඳහා අමාත්‍ය කබීර් හෂීම් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වනවා. 

පක්ෂයේ නියෝජ්‍ය නායකධූරය සජිත් ප්‍රේමදාසට සහ උප සභාපතිධූරය රවි කරුණානායක වෙතම ලබා දෙනු ඇති.

අමාත්‍ය නවීන් දිසානායක ජාතික සංවිධායකධූරය සඳහා එම අනුමැතිය ලැබ තිබෙනවා. මාධ්‍ය ලේකම් ධූරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නම් කර තිබෙනවා . භාන්ඩාගාරික තනතුර අමාත්‍ය හර්ෂ ද සිල්වා නම් කර තිබෙනවා. 

මේ අතර සහකාර මහ ලේකම් තනතුර සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නම් කර තිබෙනවා.

 

---------------------------------------

හෙට  වෙනකොට හොඳ පිළිතුරක් සමස්ත ශ්‍රී ලංකාවටම ලැබෙයි 

25-04-2018 18:44

එක්සත් ජාතික පක්ෂයේ සංශෝධන පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා තවත් සාක්ච්ඡාවක් අද (25) පැවැත්වෙන බව පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව පවසනවා. කමිටු සාමාජිකයින් පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුණේ අද පෙරවරුවේයි. එහිදී කමිටු යෝජනාවද භාර දීමද සිදුවුණා.

කමිටු සාමාජිකයින් අවසන් තීරණයක් ගැනීම සඳහා යළි  අද (25) මුණ ගැසෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමයි.

මේවනවිට පක්ෂ ප‍්‍රතිසංවිධානයට අදාළ යෝජනාවලට ලැබී ඇති ප‍්‍රතිචාර පිළිබඳ එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

"රුවන් විජයවර්ධන වාර්තාව කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලා සිටියා. අගමැතිතුමාට අපි කියා සිටියා දැවැන්ත තනි ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය. හෙට දවස වෙනකොට හොඳ පිළිතුරක් සමස්ත ශ්‍රී ලංකාවටම ලැබෙයි කියල විශ්වාස කරනවා."


එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට පැවැත්වෙනවා.