Friday, September 20, 2024

General line - 0115112241

මහින්දට ආණ්ඩුවේ නායකයා බවට පත් වීමට අවස්ථාවක් පවතිනවා - අනුර කුමාර දිසානායක




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ නායකයා බවට පත් වීමට අවස්ථාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මෙම සංශෝධනය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

"එක පුද්ගලයෙකුට හිමිව තිබෙන තනි බලය ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, කොමිෂන් සභා වලට පැවරීමට 20වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වනවා. එය ඉදිරි ප්‍රජාතන්ත්‍රවාදී ගමනට ඉතා ප්‍රයෝජනවත් වේයැයි අපි විශ්වාස කරනවා." විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය සමගද සාකච්ඡා කරන බවත්, යෝජනාව ලබන මාසයේදී ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.