Friday, September 20, 2024

General line - 0115112241

මත දුරු කරන්න පොලිස් විශේෂ කාර්යබලකාය 2015න් පසු කළ මෙහෙය මෙන්න




2015 වසරේ සිට මේ වසරේ අපේ්‍්‍රල් 22වනදා දක්වා සිදු කළ වැටලීම් වලින් මිලියන 460ක් වටිනා මත්ද්‍රව්‍ය සහ මත්පැන් තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. ඉන් මිලියන 75කට අධික ප‍්‍රමාණයක් හෙරොයින්. ඒවායේ බර කිලෝ 7 යි .ග්‍රෑම් 414ක්. වැටලීම් 660කදී සැකකරුවන් 717 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වසරේ ගතවූ මාස 04ට පමණක් හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 49ක් සමග සැකකරුවන් 131ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ කාලයේදී අක්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් 1877ක්. ඒවායේ වටිනාකම මිලියන 234ක් වනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 507 දෙනෙක්. 2017 වසර පුරා අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් 671ක් වන අතර මේ වසරේ මේ දක්වා කිලෝ ග්‍රෑම් 604ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා කිලෝ ග්‍රෑම් 619ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම මිලියන 02කට අධිකයි. විනාශ කර ඇති ගංජා හේන් ප‍්‍රමාණය අක්කර 364ක්.

2015 වසරේ සිට මේ වසරේ අපේ්‍්‍රල් 22වනදා දක්වා අත්අඩංගුවට ගෙන ඇති නීති විරෝධී දුම් වැටි ගණන රුපියල් ලක්ෂ 13කට අධිකයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 30කට අධික වනවා. නීතිවිරෝධී මත්පැන් ලීටර් එක් ලක්ෂ 75,000ක්ද විශේෂ කාර්යය බලකා භාරයට ගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 23ක්. මිලියන 90කට අධික විදෙස් මත්පැන් ලීටර් 16,811ක් සමග පුද්ගලයින් 50ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

2015 වසරේ සිට මේ වසරේ අපේ්‍්‍රල් 22වනදා දක්වා අත්අඩංගුවට ගෙන ඇති නීතිවිරෝධී මත්පෙති ගණන 93,747ක්. ඒවායේ වටිනාකම මිලියන 06කට අධිකයි.  

අදාළ කාලය තුළ සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 3,730ක්. අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 3,741ක් බවයි පොලීසිය පැවසුවේ.