Friday, September 20, 2024

General line - 0115112241

ශී‍්‍රලංකන් අක‍්‍රමිකතා පිළිබඳ කොමිසමේ සාක්ෂි සටහන් කර ගැනීම සති දෙකකින්




ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සිදුවූ  බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු වලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේදී ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (25) ඒ බව කියා සිටියේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති සන්ධානය සමග පැවැති සාකච්ඡාවකදීයි. 

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය පිළිබඳ පවතින අන්තර්ජාතික පිළිගැනීම ආරක්ෂා කර ගනිමින් ගුණාත්මක සේවවාක් ලෙස ඉදිරියට පත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.