Friday, September 20, 2024

General line - 0115112241

ටිපර් බයික් අනතුරෙන් කොස්තාපල් මරු දකී

ටෝනි කරුණනායක - ගම්පහ




මිනුවන්ගොඩ දිවුලපිටිය ප‍්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ ගල්කන්ද ප‍්‍රදේශයේදි ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ ගම්පහ කාර්යාලයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්. 47 හැවිරිදි ඔහු තිදරු පියෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එම දිසාවටම ගමන් කළ ටිපර් රථයක් යතුරු පැදිය ඉස්සර කිරීමට උත්සහ කළ අවස්ථාවේදී අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ සහායකයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.