Friday, September 20, 2024

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ කණගාටුව (AUDIO) (PHOTO)

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයද තෝරා පත් කර ගනු ඇති.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ නමින් ඇති ෆේස් බුක් පිටුවකද විරෝධය පළ කරන ආකාරයේ " කණගාටුව පමණයි " යනුවෙන් සටහනක් පල කර තිබෙනවා.

එම කණගාටුව කුමක් සම්බන්ධයෙන් ද යනුවෙන් එහි සඳහන් තිබුනේ ද නැහැ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයකට ඊයේ (25) නව නියෝජිතයින් පත් කෙරුණා.

 ඉන් අනතුරුව ඊයේ ( 25) රාත‍්‍රියේ මාධ්‍ය වෙත නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පළ කළේ මෙවන් අදහසක්.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයකට ඊයේ (25) නව නියෝජිතයින් පත් කෙරුණා. ඒ, පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින්. ඒ අනුව පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කර ඇත්තේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්. ජාතික සංවිධායක ධූරයට අමාත්‍ය නවීන් දිසානායක පත් කෙරුණා. පක්ෂයේ සභාපතිරවයා වන්නේ අමාත්‍ය කබීර් හෂීම්. භාණ්ඩාගාරික ධුරයට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කෙරුණා. පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස තවදුරටත් කටයුතු කරන අතර උප නායකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක කටයුතු කරනු ඇති. මෙම නම් කිරීම් සියල්ලම සිදු කළේ අග‍්‍රාමාත්‍යවරයා විසින්.

දේශපාලන මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වුණේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පස්වරු 05.30ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැය 02ක පමණ කාලයක් පැවැත්වුණා. පක්ෂ නායකත්වය, නියෝජ්‍ය නායක ධුරය හා උපනායක ධුරය යන තනතුරු හැර සෙසු තනතුරු සංශෝධනය කිරීමටයි එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ.