Friday, September 20, 2024

General line - 0115112241

බේරුවලින් පිළිස්සුනු මළ සිරුරක් හමුවෙයි (VIDEO)




බේරුවල ප්‍රදේශයෙන් අද (26) පිළිස්සුනු මළ සිරුරක් හමු වී තිබෙනවා.

මුස්ලිම් ජාතිකයෙකු වන මොහු 46 හැවිරිදි මොහොමඩ් සාහීන් නම් පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

බේරුවල පොලිස් වසමේ පඤ්ඤානන්ද මාවතේ මස්සල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක කාමරයක් තුළ තිබී මෙම පිළිස්සුනු මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි.

මෙය ගිනි තබා ගැනීමක්ද නැතහොත් ගිනි තබා සිදු කරන ලද ඝාතනයක්ය යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(අදාළ වීඩියෝව පහතින් දැක්වෙයි. සංවේදී දර්ශන සහිතයි)