Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති කොටසක් ගලවාදුන් ඇමති මෙන්න

චම්ලි ඒකනායක




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුව පැවති ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේ පවතින ඇතැම් විෂයන්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය මනෝ ගනේෂන් වෙත පවරා තිබෙනවා. 

මනෝ ගනේෂන් අද වනතෙක් කටයුතු කරනු ලැබුවේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසය. අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් ඔහුට "ජාතික ප්‍රතිසන්ධානය" ලෙසටද අමතර කාර්ය භාරයක් පැවරී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් nethnews.lk කළ විමසීමේදී ජනාධිපතිවරයා යටතේ පැවති ජාතික ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ වගකීම් තමා වෙත පැවරී ඇතැයි ඔහු තහවුරු කරනු ලැබුවා. ජනාධිපතිවරයා පැවරූ වගකීම නිසි අයුරින් ඉටුකිරීමට තමා කැපවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනාධිපතිවරයා සතුව ආරක්ෂක අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය පැවතියා.