Saturday, September 21, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධන මොහොතේ කොළඹ නොගිය පාර්ලිමේන්තු මන්ත්‍රි හවස කොළඹ එයි

රංජිත් රාජපක්ෂ




තමන්ට රජය සමග එක් වි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහිපයකදීම ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති, මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් පවසනවා.

තොණ්ඩමන් එ් බව කියා සිටියේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යායපාරික ප්‍රජාව, නාගරික මන්ත්‍රිවරුන් සමග අද (01) එම නගර සභා රැස්වීම් ශාලාවේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තොණ්ඩමන් කියා සිටියේ අද දින මැයි දිනය සංකේතවත් කිරිම සඳහා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වු නිසා තමන් අද දින කොළඹට නොගිය බවයි.

අද පස්වරුවේ තමන් යලිත් කොළඹට යන බවත්, එහිදි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවද තොණ්ඩමන් කියා සිටියා.