Saturday, September 21, 2024

General line - 0115112241

නායයාමක් නිසා හල්දුමුල්ල- ගිණිගත්ගල මාර්ගය වැසේ

සමන්පාලිත නානායක්කාර




හල්දුමුල්ල ගිණිගත්ගල මාර්ගය වල්හපුුතැන්න ආශ‍්‍රිත ප‍්‍රදේශයකදී නායයමින් තිබෙනවා. මේ වන විටත් නායයාම සිදුවෙමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඒ අනුව එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. 

මේ අතර කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ 195වන කිලෝමීටර් කණුව ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගල් පෙරලීමේ අවධානමක් පවතින බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව එම ප‍්‍රදේශයේදී වඩා විමසිල්ලෙන් රිය පදවන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.