Saturday, September 21, 2024

General line - 0115112241

පක්ෂ කිහිපයක් අද මැයි දිනය සමරයි: ජවිපෙ සැමරුම යාපනයේදී (PHOTOS)

ඩිල්ෂාන් මඩවල / ලහිරු කපුගේ




ජාත්‍යන්තර මැයි දිනය ලබන 7වනදා සැමරීමට රජය තීරණය කර තිබුනත් ශ‍්‍රි ලංකාවේත් පාර්ශව කිහිපයක් අද (01) මැයි දිනය සැමරුවා. ජනතා විමුක්ති පෙරමුණ අද මැයි දිනය සැමරුවේ යාපනයේදීයි. චුන්ඩික්කුලි ක‍්‍රිඩා පිටියේ සිට පාගමනක් පැමිණ යාපනය නගරසභා පිටියේදී රැලියක් පවත්වමින් ඔවුන් මෙම සැමරුම සිදු කළා.

එම රැලිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඞී ලාල් කාන්ත පැවසුවේ වැඩිවන ජිවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් වැඩවර්ජනයක් කරා යායුතු බවත් එහිදී සිංහල දමිල වශයෙන් වෙන්ව නොව එක්ව කටයුතු කල යුතු බව ඔහු මෙහිදී කියා සිටියා.

දෙමළ ජාතික සන්ධානයද යාපනයේදී අද මැයි දිනය සැමරුවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ මැයි දින සැමරුම පැවැත්වුණේ කොළඹදීයි. වෘත්තීය සමිති කිහිපයක් විසින්ද අද මැයිදින සැමරුම් සංවිධාන කෙරුණා.