Saturday, September 21, 2024

General line - 0115112241

ප්‍රවීන ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්ප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ / කසුන් කළුම්




ප්‍රවීන ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (01) කළුබෝවිල රෝහලේදී අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවූවා. 

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ පියා වන්නේද මෙරට සිටි දක්ෂ ගායකයෙක් වන සි.ටි. ප්‍රනාන්දු මහතායි.

මී අඹ වනයේ, කිමද සුමිහිරියේ, මී වදයකි ජිවිතේ වැනි මෙරට ගීත රසිකයින් අතර ජනාදරයට පත් ගීත රැසක් ගායනා කල ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ඉතාලියේ පැවති සංචාරයක් අතරවාරයේදී රෝගාතුර වුනා.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගායනා කල ගීත සංඛ්‍යාව 70 කට අධිකයි.