Saturday, September 21, 2024

General line - 0115112241

තවම තියෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් - ප‍්‍රධාන පක්ෂ දෙකම කියයි

නිෂාන් ද සිල්වා / ඩිල්ෂාන් මඩවල




රටේ තවදුරටත් පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවක් බව එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයත් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් දෙදෙනාම එක්ව සම්මුතිවාදී රජය ඉදිරියට රැගෙන යන බව මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත ප‍්‍රතිචාර දැක්වමින් පැවසුවේ ඉදිරියේදී සම්මුතිවාදී ආණ්ඩු ගිවිසුම ගැන සාකච්ජා කිරීමට නියමිත බවයි. කෙසේ වුවත් පක්ෂ දෙක එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙසට කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

සජිත් පේ‍්‍රමදාස සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් එම අදහස් පළකළේ අද පෙරවරුවේ සිදු කෙරුණු අමාත්‍යමණ්ඩල සංශෝධනයෙන් පසු මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.