Saturday, September 21, 2024

General line - 0115112241

බස් - ත්‍රිරෝද ගැටුමෙන් 2ක් මරුට (PHOTOS)

ටෝනි කරුණානායක - ගම්පහ




නිට්ටඹුව - කටුනායක මාර්ගයේදී අද (01) සවස පුද්ගලික බස් රථයක් හා ත්‍රිරෝද  රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් එක් අයෙක් තුවාල ලබා ඇති බව නෙත් නිවුස් අප වාර්තාකරු සඳහන් කරනවා.

මියගිය පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථයේ ගමන් කලාද නැත්නම් මාර්ගයේ සිටි අයවලුන්ද යන්න ගැන මෙතෙක් නිශ්චිතව තොරතුරැ නැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තුවාල ලබා සිටින ත්‍රි රෝද රථ රියදුරා දැනට මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ගනු ලබනවා.