Saturday, September 21, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ හිටපු කම්කරු නායකයින්ට ජනපතිගෙන් උපහාර




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (01) පෙරවරුවේ පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය සහ වැඩකරන ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය යටතේ බවයි. 

අවංක දේශපාලඥයින් සොයා ගැනීම මෙරට දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේ දී පවතින ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවද මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියා.   

හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පුද කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත උපහාර තිළිණ පිලිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.