Saturday, September 21, 2024

General line - 0115112241

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද

ඩිල්ෂාන් මඩවල




අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද (02) සිදු කිරීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඒ යටතේ දිවුරුම් දෙනවා. ආණ්ඩුව නියෝජනය කරන සියලූ මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත අද (02) කැඳවීමක් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. දිවුරුම් දීම පෙරවරුවේ සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. 
මේ අතර තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවී කරුණානායකට ද බොහෝ දුරට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි විශ්වාසය පළ වනවා.