Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම රැස්වෙයි

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ  විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී පස්වරු 06.30 ට එම රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටළු සහ ඔවුන් ගාල්ලේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළිය පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.