Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් වෙනුවෙන් කරන කටයුතු පරිසර හිතකාමී විය යුතු බවට ප්‍රකාශයක්

ඩිල්ෂාන් මඩවල




සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වානය යන සිදුවීම් සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සිදු කෙරෙන සියලූ කටයුතු පරිසර හිතකාමී විය යුතු බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

සම්බුද්ධ චරිතයත්, බෝසත් චරිතයත් සෑම විටම පරිසරයට සමීපව ගොඩනැගුණු එකක් බවයි මෙහිදී සිහිපත් කෙරුණේ. ඒ අනුව වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සිදු කෙරෙන කටයුතුවල දී පරිසරයට හානි සිදු නොකිරීමට සහ පරිසරය ගැන මෙනෙහි කිරීමට කටයුතු කරන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පස්යාල ඉඹුල්ගල් ඕවිට චිත්ත විවේකාශ‍්‍රමාධිපති පූජ්‍ය ලේනව මංගල හිමියන් කියා සිටියේ වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සිදු කෙරුණු සියලූ සැරසිලි පරිසරයට හානි නොවන පරිදි බැහැර කිරීමට කටයුතු කරන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.