Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොලෙහි ඇති පුරප්පාඩු සංඛ්‍යාව මෙන්න

සමන්ත කුමාර




ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොලෙහි ලක්ෂ 5ක් පමණ පුරප්පාඩු පවතින බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම ඉල්ලූම පිළිබද සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ දීර්ග කාලයක් පුරා දක්නට ලැඛෙන නිපුණතා පරතරයේ ප්‍රතිපලයක් ලෙස මෙම පුරප්පාඩු ඇති වී තිබෙන බවයි.

රැකියා අවස්ථා ජනනය කරන්නන්ගේ සහ රැකියා අපේක්ෂකයන්ගේ අපේක්ෂා අතර විශාල පරතරයක් පවතින බව මෙයින් අදහස් වනවා.

ඇතැම් රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන් නොමැති බවද, රැකියා සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් හිඟවීම සහ රැකියා අපේක්ෂකයින් ඉහළ වැටුප් අපේක්ෂා කිරීම පවතින පරතරයේ ප්‍රධාන සාධක ලෙස හඳුනාගෙන තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවල දැක්වෙන්නේ.