Saturday, September 21, 2024

General line - 0115112241

උදේ දිවුරුම් දුන් ඇමතිගේ විෂයන් පැයකට පසු මාරු වෙයි

චම්ලි ඒකනායක/ඉෂාර සුපෙම් මානගේ/වසන්ත පිවිතුරු




ලක්ෂ්මන් සෙනෙවිරත්න වෙත ලබාදී තිබු රාජ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර තිබෙනවා. අද (02) පෙරුවරුවේ ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ හා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

එම දිවුරුම් දීමෙන් පැයකට පමණ පසුව නිවැරදි කිරිමක් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ ලක්ෂ්මන් සෙනෙවිරත්න විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා  බවයි.