Saturday, September 21, 2024

General line - 0115112241

නොමිලේ නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාවක්

සමන්ත කුමාර




නීති ගැටළු සඳහා නොමිලේ නීතිඥ සහය ලබාගැනීමට ඔබට අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, ලබන 21 වනදා සිට 28 වනදා දක්වා යෙදී ඇති ජාතික නීති සතියේදීයි. කොළඹ සහ තවත් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ලබන 26 වනදා සහ 27 වනදා නීති සායන පැවැත්වෙනවා.

කලින් ලියාපදිංචි වී එම සායනවලට පැමිණීමෙන් ඔබේ නීති ගැටළු සඳහා ද නොමිලේ නීතිඥ සහය ලබාගත හැකියි.  ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා කියා සිටියේ දුරකථනයෙන් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවයි.

එහිදී අදාළ අංශ වෙත තමන් යොමුකිරිමක් සිදුකරන බවද ඔහු කියා සිටියා.

නොමිලේ නීතිඥ සහය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට කතා කළ යුතු දුරකතන අංක ඉදිරියේදී දැනුම් දෙන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවා.