යහපාලන ආණ්ඩුවේ 03 වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දෙවන කොටස අද (02) සිදු කෙරුණා. එහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව දැන් මුලූ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20 දෙනෙකු වනවා. මුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 16 දෙනෙකු වනවා.
ඊයේ (01) කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අලූතින් දිවුරුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඇතුළත්ව දැන් මුලූ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 42ක්.